Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

‘සජිත්’ ඝාතන තැතක් – කිරිඇල්ල මැතිසභයේදී කියයි…

සමගි ජනබලවේගය විසින් සංවිධාන කළ උද්ඝෝෂණයේදී විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානියක් කිරීමේ සැලසුමක් පැවැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා. කඳුළූ ගෑස් උණ්ඩ ප්‍රහාර එල්ල කළ ආකාරය අනුව ඒ බව හදුනාගත හැකි වූ බව ද ඔහු කියා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ආකාරය තමා දුටු බව ද වාසනාවකට ඔහුගේ දෙපා මුලට උණ්ඩය වැටුණු බවද පැවැසුවා. ජනපති පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් කළ කතාව පිළිබඳ කල්තැබීමේ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා.

අප ජනපතිගේ රාජාසන කතාවෙන් නැගිටලා ගියා. අපේ සහාය අවශ්‍ය නම් අපට ගෞරවයක් අවශ්‍යයි. අපට විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දුන්නේ නැහැ. අපගේ සාමකාමී විරෝධයට පහර දුන්නා. අප බලපත්‍රය ලබා ගත්තේ තහනම් කළ ප්‍රදේශයෙන් පිට උද්ඝෝෂණය පවත්වන්නයි.

අපට ගහලා අපේ සහාය ඉල්ලන්න ලැජ්ජ නැද්ද? අප සහය දුන්නොත් අපට ගම්වලට යන්න බැරි වෙයි. මෙහෙමද විපක්ෂයේ සහයෝගය ගන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles