පොහොර ඇතුළූ කෘෂිකර්මාන්තයට අදාළ භාණ්ඩ මත පනවා ඇති ‘වැට්’ බද්ද වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ 18% ක් තරම් ඉහළ වැට් බද්දක් පැනවීම හේතුවෙන් ගොවිජනතාව පීඩනයට පත්ව ඇති බවයි. එමෙන්ම කෘෂි අස්වනු පහත යාමටත්, කෘෂි නිෂ්පාදන මිල ඉහළ යාමටත් එය හේතුවී ඇති බව ඔහු පැවැසුවා.
වන්නිහත්පත්තුව ගොවිජන සම්මේලනය අමතමින් වික්ෂ නායකවරයා මේ බව අවධාරණය කර තිබුණා.