Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

කෘෂි නිෂ්පාදනවලට මිල සූත්‍රයක් – ගොවි විශ්‍රාම වැටුප නැවතත්…

ගොවියාත් පාරිභෝගිකායත් සුරකින නව මිල සූත්‍රයක් හදුන්වා දෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කැරට් කිලෝව 2000ක් වන විට නුවරඑළිය බණ්ඩාරවෙල ගොවියාට ලැබෙන්නේ රුපියල් 500ක් වැනි අඩු මුදලක් වන බවයි. නාඩු වී කිලෝවකට රුපියල් 92 ක් දුන්නත් වෙළෙඳපොළේ සහල් කිලෝව රුපියල් 220 ක් වන බව ද සම්බා වී 106ක් වන විට සම්බා සහල් 260ක් වන බව ද ඔහු අවධාරණය කළා.

එමෙන්ම මේ අසාධාරණය නැති කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාටත් පාරිභෝගිකයාටත් සිදුවන අසාධාරණය නිවැරදි කරන නව මිල සූත්‍රයක් හදුන්වා දෙන බවයි. ගොවියා සහ වෙළෙදපොල සම්බන්ධ කර ‘ගොවි මිතුරු ඇප්’ එකක් සකස් කර සුහුරු ගොවියකු නිර්මාණය කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොල්පිතිගම මහජන ක්‍රීඩාංගනයේ පැවැති වන්නිහත්පත්තු ගොවි සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ගොවි විශ්‍රාම වැටුප නැවත බලාත්මක කිරීමට ද පියවර ගන්නා බවයි. එහි දී වෘත්තීය ගොවියන් බිහි කිරීම සිය රජයේ අරමුණ වන බවද ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර වෘත්තීය සුහුරු ගොවියා බිහි කරන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද ඔහ ුකියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles