Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

සනත් නිශාන්තගේ මරණයට හේතුව – මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක්…

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර තිබෙනවා. සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මිය ගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම අනතුරින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බැවින්, මෙම මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles