Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ආණ්ඩුකාර පුත්‍රයෙක් කාන්තාවකට පහර දී සැඟවෙයි…

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයේදී කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන්ට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුය ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකාර ඉෂාම් යන අය සැඟවී ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, අතර සැකකරුට අයත් නිවාස දෙකක් පරීක්‍ෂා කළද ඒ කිසිදු තැනකින් ඉෂාම් යන අය සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග විවාහ වී සිටින තැනැත්තියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles