Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

මැතිවරණ කොමිෂමට තදබල ප්‍රහාරයක් – මෙහෙම දෙයක් කිසිදා සිදුව නෑ…

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබියදීත් මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන දී කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටකින් ඉදිරිපත් වන වැරැදි පූර්වාදර්ශයක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිසන් සභාව හා එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මෙම කරුණු අවධාරණය කර තිබුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවද යම්කිසි සුවිශේෂී කරුණක් නිසා යම්
මැතිවරණයක් කල්දමන්නේ නම් නීතියේ ප්‍රතිපාදනවලට යටත්ව එය කළ යුතු බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදී තිබුණා.

පළාත් පාලන මැතිවරණයක් හෝ ඕනෑම වෙනත් මැතිවරණයක් නිසි කලට නොපවත්වා කල්දැමීම ජනතාවගේ ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක් වන්නේ යැයිද ඔහු පෙන්වාදී තිබෙනවා. මැතිවරණයක් පැවැත්වීම සඳහා පියවර හා සැළසුම් සකස් කිරීමේදී මෙවර එල්ලවූ ආකාරයේ වෙනත් කිසිදු කාලයක මැතිවරණ කොමිෂන් සභාවට එල්ලවී නැතැයිද ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අවධාරණය කර තිබෙනවා.

2022 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිසි පියවර නොගැනීම මගින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගකිවයුත්තන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඇතුළු පාර්ශ්ව කීපයක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විභාගයට එක්වෙමින් ජනාධිපති නීතිඥවරයා ඉහත කරුණු දැක්වීම සිදුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles