Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

කාන්තා දිනයේදී සජිත්ගෙන් අනාගතවාදී වැඩක්…

ලෝක කාන්තා දිනය සමරන අද දිනයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාසල් විදියේ කාන්තා රෝහලට ඉතා වටිනා පරිත්‍යාගයක් සිදුකළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ ලක්‍ෂ 3 ක් වටිනා ළදරු ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ ඉන්ෆැන්ට් වෝමර් යන්ත්‍ර 2 ක් පරිත්‍යාග කිරීම මෙහිදී සිදුවුණා.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේ මෙම පරිත්‍යාගයේ වටිනාකම මිල කළ නොහැකි බවයි. විවිධ අවශ්‍යතා සහිත දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මෙවැනි යන්ත්‍රවලට දැඩි අවශ්‍යතාවක් පැවැති බව ද විපක්‍ෂ නායකවරයාගේ පරිත්‍යාගයේ වැදගත්කම පවතින්නේ ඒ හේතුවෙන් බවද රෝහල් අධ්‍යක්‍ෂරයා පැවැසුවා.

පරිත්‍යාග කරන ලද මෙම යන්ත්‍රවල වටිනාකම ලක්‍ෂ 50 ක් පමණ වන බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවැසුවේ.

එමෙන්ම දිවයින පුරා හදිසි අවශ්‍යතා සහිත දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම යන්ත්‍ර උපයෝගී කරගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම යන්ත්‍ර පරිත්‍යාග කරන අවස්ථාවට විපක්ෂනායක සජිත් – ජලනි යුවල සමඟ දියත්නා ප්‍රේමදාස පුංචි දියණියද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles