Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

සඳ මතුපිට න්‍යෂ්ඨික බලාගාරයක්..

2035 වසර වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පවසා ඇත්තේ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු වී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවයි.

මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීම ඔවුන්ගේ සැලසුමයි. රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මකවන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද මේ වන විටත් සැලසුම් සකස් කර අවසන්. මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බව ද යූරි බොරිසොව් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles