රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය ලබාදීම පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් ගැටළුවක් පවතින බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡෘවේදී බැසිල් හා මහින්ද සහෝදරයින් විසින් එම දැනුම්දිම සිදකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් සිය ජයග්‍රහණය වෙනුවෙන් පොදුජන පෙරමුණ දායකත්වය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් දැන ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
ජාතික සම්පත් පුද්ගලීකරණය කිරීම සහ බලය බෙදීම යන කාරණාවලදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය අතර බරපතල පරස්පරතා පවතින බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වාදී ඇති තවත් කාරණයක්. එමෙන්ම සිය පක්ෂයේ නියෝජිතයින් සහය ලබාදුන්නද අනතුරුව පිහිටුවන රජයක ඇමැතිධුර ලබාදීමේදී සාධාරණයක් නොවනු ඇති බවට ඔවුන් තුළ පවතින සැකය සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට සිදුව ඇතැයිද ඔහු පවසා තිබෙනවා. මේ වන විටද ඇතැම් දිස්ත්‍රික් සඳහා ඇමැතිධුරයක් හෝ ලැබී නැතැයිද ගෝඨාභය ජනාධිපතිවරයාගේ රජයෙන්ද මෙම අසාධාරණය සිදුවූ බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදී ඇති තවත් කාරණයක්.
එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ පොලිස් බලය හැර සෙසු බලතල ලබාදීම ගැටළුවක් නොවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කළ යුතුව ඇති බැවින් පුද්ගලීකරණය නොකර රජයට ඉදිරියට යාමට නොහැකි බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් මෙම සාකච්ඡාවට සාගල රත්නායක මහතාද සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි පැවැසුවේ.