Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

‘පළමු ශ්‍රෙණියට’ පෙර ‘පූර්ව ශ්‍රේණියක්’…

කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර ‘පූර්ව ශ්‍රේණිය’ ක් ආරම්භ කිරීමට රජය සූදානම් වනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙලට අනුව මෙය ක්‍රියාත්මකයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට හැකියාව පවතින බවයි. එම හැකියාව පදනම් කරගනිමින් විශේෂ ශ්‍රෙණිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම අනාගත රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සැලසුම් සකස් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles