Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

බදු පිට බදු – කාන්තාවන් බහුතරය සනීපාරක්‍ෂක තුවා භාවිතයෙන් ඉවත් වෙති…

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කාන්තාවන් 40්‍ % ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී තිබෙනවා. පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ, සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගියා. එමඟින් එල්ල වී ඇත්තේ මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක්. මේ තත්ත්වය තුළ ජනතාව තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමටද පියවර ගත්තා.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් මඟින් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර කර ඇති අතර, එමඟින් පෙන්වාදී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40% ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි.

කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට එමඟින් අහිතරක බලපෑමක් එල්ල කර ඇතැයිද අධ්‍යයනයෙන් අනාවරණ වී ඇති අතර, Public Finance.lk වෙබ් අඩවිය පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

බොහෝ භාණ්ඩ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලට යටත් වුවත් සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බවද එම වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. ඒ අනුව සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47. 1% ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles