Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

සජිත් මානුෂීය මෙහෙයුමක් අරඹයි – රටටම එන්න කියයි…

ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට සූදානම් වන්නැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළා. වර්තමාන ජනාධිපතිවරයා රටේධනය කොල්ල කෑ රාජපක්‍ෂවරුන් ඇතුළු පිරිවරට ආරක්‍ෂාව ලබාදෙමින් සිටින බවද මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා මානුෂීය මෙහෙයුමක් දියත් කිරීමට සිදුව ඇතැයිද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළා.

යාපහුවේ අද පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. සමගි ජනබලවේගයේ යාපහුව සංවිධායක හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා විසින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහනට අති විශාල ජනකායක් සහභාගී වී සිටියා.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායකරයා පෙන්වා දුන්නේ රටේ ධනය ඇතුළූ වත්කම් මංකොල්ල කෑ සියළු දෙනා සමගි ජනබලවේග ආණ්ඩුවක් මඟින් අධිකරණය හමුවට යොමු කරන බවයි. එතැනින් නොනැවතී ඔවුන් විසින් කොල්ල කෑ සියළු වත්කම් ආපසු රටට ලබාගෙන එම මුදල් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බවටද ඔහු ප්‍රතිඥා ලබාදුන්නා.

රටේ බංකොල්භාවයට වගකිව යුතු පිරිස මේ වන විටත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ රටට හෙළිදරව් කිරීමට සමගි ජනබලවේගයට හැකි වී ඇතැයිද ෆයින් මිටි පෙන්නමින් ජනතාව මුලා කිරීමට තමන්ට හෝ පක්‍ෂයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles