Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ලෝක රූ රැජිණ – ක්‍රිස්ටිනා…

ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගැනීමට සමත් වුණා.
71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් ලෙස පැවැති අතර, එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වී තිබුණා.

එහිදී චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා. අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්වුණා.

වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම ද කැපී පෙනුණු කාරණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles