ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ පක්‍ෂ ගණනාවක කැමැත්ත මත රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි.
‘සැබෑව’ යන තේමාව යටතේ සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී අද (10) පැවැත්වුණා. එහිදී ජනරැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ ජනතාට සහන දීමේ විප්ලවයක් ආරම්භ කරන බවයි.