Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

නුවන් තුෂාර ගැන මාලිංග කියපු දේ…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය නුවන් තුෂාරගේ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය වූ තරඟයක්. ඔහුගේ දක්‍ෂතා මත තරගාවලිය 2 – 1 ක් වශයෙන් ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

මෙම තරගයේදී නුවන් තුෂාර දැක් වූ දක්ෂතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසා තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මාලිංග පෙන්වාදී ඇත්තේ එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ඔහුට ලබාදීම ඉතා වැදගත් කාරණයක් වන බවයි.

“නුවන් එම තරගයේදී පන්දු යොමු කළ ආකාරය විශිෂ්ටයි. ඔහුට අනිවාර්යයෙන්ම එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි විය යුතුයි. අලුත් පන්දුවෙන් හොඳ දෝලනයක් ගන්න තුෂාරට පුලුවන්. ඒ වගේම මතීෂට පරන පන්දුවෙන් හුඟක් හොඳට යෝකර් දාන්න පුලුවන්. මං විශ්වාස කරනවා ඊලඟ ලෝක කුසලානයේදී මේ දෙන්නම කණ්ඩායමේ සිටිය යුතුයි කියලා” යනුවෙන් මාලිංග සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles