Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

පාකිස්තානු ජනපති සිය ආර්යාව ලෙස දියණිය තෝරයි…

පාකිස්තානු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සිය දියණිය, ජනාධිපති ආර්යාව ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අසීෆ් යනු, ඝාතනයට ලක්වූ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ සැමියායි. මැතිවරණයෙන් අනතුරුව සභාග රජයක් පිහිටුවීමට බූතෝ සහ ශරීෆ් පාර්ශව කටයුතු කළ අතර, එහිදී ජනාධිපති ධුරයට පත්කරන ලද්දේ අසීෆ් අල් සර්දාරි යී.

ජනාධිපතිවරයෙකුගේ බිරිඳ ජනාධිපති ආර්යාව ලෙස ප්‍රකාශයට පත්කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් සිය බිරිඳ අහිමි බැවින්, තමන් ජනාධිපති ආර්යාව ලෙස දියණිය වන අසීෆා බූතෝගේ නම ප්‍රකාශයට පත්කරන බවයි අභිනව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

මේ අතර දියණිය ආර්යාව වන්නේ කෙසේදැයි ඇතැමුන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ද මේ වන විට නිර්මාණය වී ඇති බවයි පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් පාකිස්තානු ඉතිහාසයේ ජනාධිපති දියණියක, ජනාධිපති ආර්යාව ලෙස පත්කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා. එමෙන්ම ජනාධිපති ආර්යාවට හිමිවිය යුතු සියළු වරප්‍රසාද අසීෆා බූතෝ වෙත ලබාදීමටද මේ වන විටත් පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles