Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

සන්සුන් රනිල් සහ නොසන්සුන් රනිල් – ගුරු ගෝල හටනක් කරළියට…

ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටියේ ජනරැලියේ දී දැකගැනීමට ලැබුණු බව නිදහස ජාතික සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවේ ජනාධිපතිවරයා කලියාපිටියේදී කළ ප්‍රකාශයෙන් චරිත දෙකක් ඉස්මතු කළ බවයි. තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුරුවරයෙකු බවද පැවැසූ පීරිස් මහතා පෙන්වා දුන්නේ ඒ කාලයේ ඔහු වඩාත් සන්සුන් හා පරිස්සමෙන් වචන පාවිච්චි කළ පුද්ගලයෙකු වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා, නොසන්සුන් හා නොගැලපෙන වචන කතා කරන පුද්ගලයෙකු බවට පත්ව ඇතැයිද පීරිස් මහතා පැවැසුවා.

මෙම වසරේ ජාතික තලයේ මැතිවරණ පැවැත්විය යුතු බව ද සිහිපත් කරන පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ඊට අදාළ මුදල් නොමැති යැයි පවසා ඡන්ද කල් දැමීමට විපක්‍ෂය ඉඩ නොදෙන බවයි. ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්වෙන බව ප්‍රකාශ කළ බවත්, ඒ අනුව මැතිවරණ නීතියට අනුව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර කාල පරාසය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles