Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

අනුරට උදව්කර, රනිල් අගමැති වෙයි…?

ජනාධිපතිවරණයට සිය අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව රාජපක්‍ෂ පවුලේ සාමාජිකයෙකු වන, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වාදී තිබුණේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පවසා ඇති බවයි.

මේ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට සිදුවන බව ද ඔහු පවසා තිබෙනවා.

ඇතැම් විට, අනුර දිසානායක මහතාට උදව් කර අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට උත්සාහ කිරීමටද ඉඩ ඇති බවත්, වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සටකපටකම් කියවා ගැනීම එතරම් අපහසු බවත් ඔහු පෙන්වා දී ඇති තවත් කාරණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles