Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

කරන්දෙණියේ තරුණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට…

කරන්දෙණිය ප්‍රදේශයේදී තරුණියක ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසුවේ අදාළ තරුණිය ඝාතනය කිරීම සඳහා රැගෙන ගිය බව කියන ත්‍රීරෝද රථයේ රියදුරා විසින් ලබාදුන් තොරතුරු අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය තරුණියගේ වැඩිමහළු සහෝදරියගේ සැමියායී.

17 හැවිරිදි, සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි තරුණියක මෙලෙස ඝාතනයට ලක්වුණා.

අදාළ තරුණියගේ පියා පොලිසිය හමුවේ පවසා තිබුණේ, සිය බාල දියණිය බෑනාගේ නිවසේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටි බවයි. බෑනා සිය බාල දියණිය සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවද අනතුරුව ඇය රවටා ඈත ප්‍රදේශයකට ගෙන ගොස් මාස 4 ක් හොර රහසේ ජීවත් වී ඇති බවද පියා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles