පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය වසර 03 ක් දක්වා දීර්ඝ කළ යුතු බවට ව්‍යාපාරික ප්‍රජාව රජයට යෝජනා කරනවා. එක්සත් ව්‍යාපාරික සංගමයද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කර තිබුණේ මේ වසරේ දෙසැම්බර් 15 දක්වා එම නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ගත් තීරණය ඉතා වැදගත් බවයි.
කෙසේ වෙතත් ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු කර්මාන්ත හා ව්‍යාපාර දෙසැම්බර් 15 වන විට නගා සිටුවීම ඉතා අපහසු බවද ඒවා යම් තත්ත්වයකට ගෙන ඒම සඳහා තවත් කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු යෝජනා කළා.
එමෙන්ම අඩු පොළියක් යටතේ අතපසු වූ වාරික ගෙවාගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙස ද එක්සත් ව්‍යාපාරික සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.