තරුණයෝ ටිකක් පෙන්වා සමස්ථ තරුණයින් ජනාධිපතිවරයා සමඟ සිටින බව පෙන්වීමට ගන්නා වූ උත්සාහයන් මේ දිනවල දක්නට ලැබෙන බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රට මුලා කිරීමට විවිධ උත්සාහයන් ගන්නා බවයි.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියා.
මෙම හමුවේදී තරුණයෙක් ඇහුවා රාජපක්ෂවරු හොරක්ම කළ මුදල් ගැන. ඒකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වෙ, හොරු ඉන්නවනම් හොයල දෙන්න වගේ උත්තරයක්. රාජපක්ෂවරුන්ගේ හොරකම් හෙළි කරන්න ජනාධිපතිවරයා ලෑස්සි නෑ. මේ හොරකම් කර ඇති දේ රටේ ගැටළූ විසදීමට යොදා ගන්න පුලුවන් කියන ආකාරයේ කතා සත්‍ය නොවන බවද ජනාධිපතිවරයා කිව්ව. පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිකර ඇති කාරණා ගැන කෙනෙක් විමසුවිට, ඔයාල හොයල දෙන්න, මං නඩු දාන්නම් කියල කියන්න ජනාධිපතිවරයෙක් ඕනෙද ? දැන් ජනතාවට හොයල කියන්න ඕනේ. එහෙම වුණොත් පමණයි ජනාධිපතිවරයා ක්‍රියාමාර්ග ගන්නේ.. යනුවෙන්ද මුජිබර් එහුමාන් මහතා පැවැසුවා.