Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

රනිල්ගේ ඉදිරිපත් වීම ස්ථිර වෙයි – අත්, පොහොට්ටු ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක්…

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ජූනි මාසයෙන් අනතුරුව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණ යන පක්‍ෂවල නියෝජිතයින් ද එම කමිටුව නියෝජනය කරන බවද දේශපාලන වාර්තා අනාවරණ කළා.

ඒ අනුව දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන නියෝජිතයින්ද ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර යන අයද මෙම කමිටුවට ඇතුළත් බව එම ආරංචි මාර්ග සඳහන් කළා. එමෙන්ම සාගල රත්නායක, වජිර අබේවර්ධන, පාලිත රංගේබණ්ඩාර යන අය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් එම කමිටුවට ඇතුළත්.

පසුගියදා කොළඹ පැවැති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවුරුදුත් කාල, වෙසක් එහෙමත් බලල ඉවරවෙලාම ජනාධිපතිවරණ කැම්පේන් එක පටන්ගමු… යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles