Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ජනපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනෙක…

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනයේ පවත්වන්නැයි සමගි ජනබලවේගය අදාළ පාර්ශව වෙතින් ඉල්ලීමක් කරනවා. මෙම මැතිවරණ දෙකම රටට එක සේ වැදගත් බවද සමගි ජනබලවේගය පෙන්වාදෙන කාරණයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා අද විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කරුණු අවධාරණය කළා.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මැතිවරණ දෙකම එකම දිනෙක පැවැත්වීම රටට සහනයක් වන බව ද පැවැසූ මන්ත්‍රීවරයා, ඒ ඔස්සේ විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ද සඳහන් කළා. මෙම කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සමඟද සාකච්ඡා කළ බවද එබැවින් මැතිවරණ දෙකම එකම දිනෙක පැවැත්වීමෙන් ගැටළුවක් ඇති නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නා.

පළමුව ජනාධිපතිවරණය ද මහමැතිවරණයද ආදී වශයෙන් ප්‍රශ්න කරමින් කල්මැරීමට අවශ්‍ය නොවන බව සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ, මැතිවරණ දෙකම එකම දිනෙක පැවැත්වීම සුදුසුම ක්‍රමවේදය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles