සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්රතිලාභ ලබා දීමට කැපවන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලු රාජ්ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කර ඇති ‘අස්වැසුම’ ‘උරුමය’ සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම ‘කදුරට දශකය’ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්රීයව දායකවන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්රගතිය පිළිබඳ දිස්ත්රික් ලේකම්වරු සහ ප්රාදේශීය ලේකම්වරුන් සමග කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීයී.
රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයිග 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණාග ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්රයෙන් පහත වැටුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
2024 වසරේදී 2 ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2 ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇති. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.
2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීමටයි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ.
ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.