Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

මහ මැතිවරණයක් අවශ්‍ය නම් බහුතරය පෙන්වන්නැයි ජනපති දන්වයි…

ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම්දී තිබෙනවා. මහ මැතිවරණයක් මුලින් අපේක්‍ෂා කරන ඕනෑම පක්‍ෂයකට හෝ මන්ත්‍රීවරයෙකුට සිය මතය මෙමඟින් ප්‍රකාශ කිරීමටද හැකියාව පවතිනවා.

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම සුදුසු යැයි යෝජනා කළ කණ්ඩායම් වෙත ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම වඩාත් සුදුසු බව බැසිල් රාජපක්‍ෂ මහතාද අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පිරිසක්ද බැසිල් රාජපක්‍ෂ මහතාගේ මතය පිළිගනිමින් කටයුතු කරන තත්ත්වයක්ද පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles