Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ක්‍රිකට් තරඟ පාවාදීමකට තේරීම් කමිටු සභාපතිට බලකිරීමක් – උපුල් තරංගයෙන් පැමිණිලි…

ක්‍රිකට් තරග පාවා දීම සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයාට බලකළ බව කියන සිද්ධියකට අදාළව ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවකු හා ඔහුගේ සහයකයාට ශ්‍රී ලංකාවෙන් පිටව යාම තහනම් කර තිබෙනවා. ක්‍රීඩා වැරදිවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි මෙම තහනම පනවා ඇත්තේ.

මේ දිනවල පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රීඩා තරඟ වාරය අතරතුර තරග පාවාදීමට බලපෑම් කළේය යන චෝදනා මත පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලැබී ඇත්තේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට හා නවසිලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුට මෙම ඉන්දීය කළමනාකරුවන් විසින් තරඟ පාවාදීමක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග හා නවසිලන්ත ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ’ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේදී තරඟ පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ බවට ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

පංජාබ් රෝයල් සහ කෑන්ඩි වොරියර්ස් කණ්ඩායම් සඳහා මෙම බලපෑම් එල්ල වී ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග පැවැසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles