Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

තුන්වන ලෝක යුද්ධයක් – පුටින් අනතුරු අඟවයි…

රුසියාව සහ නේටෝ සංවිධානය අතර ඍජු සටනක් ඇති වුවහොත් එය පෘථිවියේ තුන්වැනි ලෝක යුද්ධය නිර්මාණය වීමට හේතු විය හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

රුසියාව සහ බටහිර ලෝකය අතර දරුණුතම අර්බුදය මේ වන විට නිර්මාණය වී ඇති අතර, ඊට හේතු වී ඇති ප්‍රධාන සාධකය වන්නේ යුක්රේන ආක්‍රමණයයි. එවැනි වාතාවරණයක් හමුවේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම පිළිබඳව ජනපති පුටින් කිහිප වතාවක්ම අනතුරු අඟවා ඇති අතර, යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ රුසියාව හා නේටෝ සංවිධානය අතර යුද්ධයක් හටගැනීමේ හැකියාව පිළිබඳ වාර්තාකරුවන් ජනපති පුටින්ගෙන් විමසා තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පුටින් ජනාධීපතිවරයා පවසා ඇත්තේ නූතන ලෝකයේ ඕනෑම සිදුවීමකට අවස්ථාව පවතින බවයි.

එමෙන් මහා පරිමාණ තුන්වැනි ලෝක යුද්ධයකට ඇත්තේ තවත් එක් පියවරක් පමණක් බව ද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles