Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

ජනපති ඇවිත් ගොයනුත් කපලා ගියා – ඒත් වී ටික විකිණෙන්නේ කුණු කොල්ලයට…

මාස් කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩාවලින් කන්න කැපෙන කාලය තුළ මිල දී ගැනීමට රජය කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් කුණු කොල්ලයට වී අළෙවි කිරීමට ගොවි ජනතාවට සිදුව තිබෙනවා. වී මෝල් හිමියන් ඉතා අඩු මිලට වී ඉල්ලා සිටීම හේතුවෙන් ගොවි ජනතාව මහත් සේ කණස්සල්ලට පත්ව සිටිනවා. කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා උන්මත්තකයකු සේ හැසිරෙමින් සිටින බවයි. පහුගිය දිනවල ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුණ අතරතුර තඹලගමුවට පැමිණි බවද එහිදී ජනාධිපතිවරයාද ගොයම් කැපීමට එක් වූ බව ද සභාපතිවරයා පැවැසුවා.

සියළු කුඹුරු කපා අවසන් කර තිබූ බැවින් ජනාධිපතිවරයාට ගොයම් කැපීම සඳහා එක් කුඹුරක් පමණක් ඉතිරිකර තිබූ බවද එය අලින්ගෙන් බේරා ගැනීම සඳහා සතියක් පුරා රැක බලා ගැනීමට සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට සිදූ වූ බව ද සභාපතිවරයා අනාවරණ කර තිබෙනවා. කෙසේ වෙතත් කොළඹට ගොස් වීමෝල් හිමියන් සමඟ සාකච්ඡාවක් කැඳවා වී අස්වැන්න ගැන කරුණු විමසීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද ඔහු එල්ල කළ තවත් චෝදනාවක්.

වී මෝල් හිමියන් සමඟ වී මිල ගැන සාකච්ඡා කිරිම කොතරම් යථාර්ථවාදීද යන්න ජනාධිපතිවරයාගේ ටිකිරි මොළේට තේරෙන්නෙ නැද්දැයි ඔහු ප්‍රශ්න කළා. මේ වන විට ණය තුරුස් ගෙවා දැමීමට අවශ්‍ය නිසා කුණු කොල්ලයට වී විකිණීමට ගොවීන්ට සිදුව ඇති බවද ගොවි ජනතාවට සිදුව ඇති අසාධාරණය කිසිවෙකුට නොපෙනෙන බවද කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles