Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

’අබේවර්ධන ලා’ වැලකට තනතුරු – සභාපතිකමකුත් අරගෙන – විශ්වාසභංගයේදී කතානායකගේ රහස් කුමන්ත්‍රණ එළියට…

කතානායකවරයාගේ සමස්ථ කාර්ය මණ්ඩලය ’අබේවර්ධන’ පවුලේ සාමාජිකයින්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන්නේ වසන්ත යාපා අබේවර්ධනයි. සරත් යාපා අබේවර්ධන සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද ඉඳුනිල් යාපා අබේවර්ධන මාධ්‍ය ලේකම් ලෙසද චාමර යාපා අබේවර්ධන තවත් නිලධාරියෙකු ලෙස කටයුතු කරන බවද අනාවරණ වූයේ සමඟි ජනබලවේගය විසින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයේදීයී.

එම විවාදයට එක්වූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පෙන්වා දුන්නේ තවත් අබේවර්ධන කෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇති බවයි. ඔහු චමීර යාපා අබේවර්ධනයි.

යාපා පරම්පරාවක්ම පාර්ලිමේන්තුව ඇතුළට ගෙනයාමට වත්මන් කතානායකවරයා කටයුතු කර බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විදෙස් සංචාරවලට එක්වන්නේද මේ පිරිසම බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

ඔන්ලයින් පනත සම්මත සඳහා අනුමැතිය ලබාදීමේදී සහ ඊට අදාළ ක්‍රියාවලිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිර්දේශ නොසලකා හරිමින් කටයුතු කර ඇති බව මෙම විශ්වාසභංගයේදී කාතානායකවරයා වෙත එල්ල වී ඇති චෝදනාවයි. අදාළ චෝදනා මත පදනම්ව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අතර, ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles