Saturday, May 4, 2024

Top 5 This Week

Related Posts

ලාංකික සමාජය මන්දපෝෂණයෙන් – අපි කී දේ ආණ්ඩුව කළේ නෑ – එහෙම කළා නම් මෙහෙම වෙන්නේ නෑ…

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගැඹුර හා සංකීර්ණ බව නිසි ලෙස අවබෝධ කරගනිමින් කටයුතු කිරීමට දේශපාලන පක්‍ෂයක් ලෙස සමගි ජනබලවේගය සමත් වී ඇතැයි අන්තර් ජාතික මූල්‍ය අරමුදල පවසනවා. එහි නියෝජිතයින් සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයී.

රටෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට දුප්පතුන් බවට පත්ව ඇති බවද මේ ආර්ථික පීඩනය හමුවේ ලක්‍ෂ 41 ක් වූ පාසල් දරුවන්ද ගැබිණී මව්වරුන් සහ කාන්තාවන් බහුතරයක්ද උග්‍ර ලෙස මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා. එමෙන්ම මෙම මන්ද පෝෂණ තත්ත්වයෙන් සමාජය බේරා ගැනීම කඩිනම් අවශ්‍යතාවයක් බවට හඳුනාගෙන ඇතැයිද ඒ වෙනුවෙන් මූල්‍ය අරමුදලේ සහයෝගය අවශ්‍ය බවද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදී තිබෙනවා.

මෙහිදී මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී, පීටර් බෲවර් මහතා පෙන්වාදී ඇත්තේ සිය යෝජනා සඳහා ආණ්ඩුව නිසි අවධානය යොමු කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.

අදාළ සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු සහිත නිවේදනය පහතින් දැක්වෙයි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles