ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධනයක් සරල බහුතරයෙන් සම්මත කොට, කතානායකවරයාද ඊට අත්සන් කළහොත් ක-ුමක් කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. කතානායකවරයා එවැනි නියෝගයකට අත්සන් කළහොත්, එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමද ප්‍රතිපල රහිත ක්‍රියාවක් වන බවයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ. එබැවින් මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් වර්තමාන කතානායකවරයාගේ ක්‍රියාකාරීත්වය තුළ නිර්මාණය වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නා.
ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයට එක්වෙමින්. මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනතට ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් නොතකමින් අනුමැතිය ලබාදී ඇති බවට චෝදනා කරමින් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව ඉතා කාලෝචිත ක්‍රියාවක් බව ද ගම්මන්පිල මහතා පැවැසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවා,
ඔන්ලයින් පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස කොමිසම විසින් අන්තර්ජාල සේවා සපයන්නන්ට නියෝග කරන්නට පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන රැසක් මෙම පනතට ඇතළත් වෙලා නෑ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව කියලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන දේ නොකර ඉන්න පුළුවන් බව. එහෙත් එහෙම පනතක් සම්මත කර ගන්නට නම් තුනෙන් දෙකේ බහුතරය ඕනි. සංශෝධනයත් නොකර තුනෙන් දෙකේ බහුතරයත් නැතිව තමයි මම කලින් කිව්ව වගන්ති සම්මත කර ගෙන තිබෙන්නේ. මේ ගැන විපක්ෂය පෙන්වා දුන්නත් කතානායකතුමා ඒක නොසලකා හැරියා. ඔන්න ඔහොමයි කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩ කළේ.
මෙදා පාරත් තමන්ගේ බහුතරය පෙන්නල කතානායකතුමන් රැකගන්නට ආණ්ඩුව හැදුවොත් මේ හෙළුව පාර්ලිමේන්තු බහුතරය මගින් වසාගනන්ට හැදුවොත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ වගේම මන්ත්‍රීවරුන් පිළිබදවත් ජනතාවගේ තිබෙන විශ්වාසය පුපුරා ගිහින් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් තියෙනවා. ඒ අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.
මේ ප්රශ්නය අතිශයින්ම භයානකයි. ව්‍යවස්ථාව අනුව ජනපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කල් දමන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ සම්බන්ද සංශෝධනයක්, ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධනයක් මේ ආකාරයට සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කළොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකියි. ඒ නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේ තුළ තිබෙනවා. මේ නිසා ප්රජාතන්ත්රවාදයට ආදරය කරන සියලු දෙනා කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සහය පල කළ යුතුයි.