Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

බාල වයස්කාර දැරියන්ට බරපතල අසාධාරණයක් – නීති සංශෝධන වෙනස් කිරීමට බලකරයි…

කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන සමාලෝචනය කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා.

අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ‍, බාලවයස්කාර ගැහැණු ළමයින් සඳහා ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා අඩු කිරීමේ යෝජනාව සංශෝධනය කරන ලෙසයි.

දැනට පවතින නීතිවලට අනුව, 1995 දී සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහය මගින් වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකුගේ ලිංගිකත්වය සඳහා කැමැත්ත ලබාදීමට හැකි වයස් සීමාව ලෙස වයස අවුරුදු 16 දක්වා තිබුනා.

දණ්ඩ නීති සංග්‍රහයේ ඉහත කී යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රමුඛ සමාජවල කණ්ඩායම්වල විරෝධතා පවතින බවත්‍, ඇතැම් සංශෝධන පිළිබඳ යළි සලකා බැලීමට රජය ක්‍රියා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තිය එම නීතියට යෝජිත මෙම සංශෝධන සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කළ විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේ කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමේ වගකීම රජය නොසලකා හරිමින් සිටින බවයි. ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහු දීර්ඝව කරුණු පැහැදිලි කළා.

එමෙන්ම මෙම සංශෝධන යටතේ වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 13 වැනිදායී.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණා. යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22කට අඩු පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත සහිතව ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් දඬුවම ලිහිල් කිරීමටයි මෙමඟින් යෝජනා කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles