Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

සුපිරි වෙළඳ සැලට, රෙදි කඩේට යන සැමට ලොකු වාසියක්…

පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටද මුළු බිලෙන් සියයට එකක වට්ටමක් ලබා දෙන්නැයි පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතන වෙත නිර්දේශ කළා. එම කාරක සභාවේ සභාපති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.

මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසල් හිමියන් මේ වන විටත් එකඟ වී තිබෙනවා.

මේ අතර ප්ලාස්ටික් බෝතල්වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන් එම කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. එම සාකච්ඡාව යෙදී ඇත්තේ අප්‍රේල් මස 02 වෙනිදාටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles