Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

වැඩිහිටියන්ගෙන් 12% ට එක දතක්වත් නෑ…

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% ට එකම දතක් හෝ නොමැති බව අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙය ද ඉතා බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බවයි. “සතුටු මුවයි – රුවැති සිරුරයි” යන තේමාව යටතේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයකදී මේ බව පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතායී. ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝග තත්ත්වය ලෙස මුඛ රෝග හදුනාගෙන ඇති බව වෛද්‍යවරුන් මේ වන විට පෙන්වාදී ඇති කාරණයයි. දරුවන් හා මැදිවියේ පසුවන අයගේද දන්ත රෝග වැඩිවීමේ අවධානමක් මතුව ඇති අතර, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ජීවිතයේ මුල් කාලයේ සිටම දත් සහ මුඛ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles