Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ඉල්ලුවොත් ඉල්ලනවා – දයාසිරි තීරණයක් ගනියි…

ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බැවින් එවැනි ඉදිරිපත් වීමකට ද තමන් සූදානමින් සිටින බවයි. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සමඟ ද තමන් සුහදව කටයුතු කරන බවද අවධාරණය කරන ජයසේකර මහතා පෙන්වාදී ඇත්තේ රට පැහැදිලි වැඩපිළිවෙලක් වෙත යොමු කිරීමේ හැකියාවද තමන් සතුව ඇති බවයි.

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමටද ජයසේකර මහතා පසුගියදා පියවර ගෙන තිබුණා. මානුෂික ජනතා සන්ධානය ලෙස එය නම් කර තිබූ අතර, මෙම නව දේශපාලන කණ්ඩායම දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් පිහිටුවීමට පියවර ගෙන තිබීමද විශේෂ අවධානයට ලක්වූ කාරණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles