Saturday, May 4, 2024

Top 5 This Week

Related Posts

ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු රනිල් – බැසිල් අවසන් මතය කියයි…

රනිල් වික්‍රමසිංහ හැර ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් කළ හැකි වෙනත් සුදුස්සෙකු නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි.

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇති කාරණයයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles