Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

හොඳට හිතල තීරණයක් ගන්න…

නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් නොමැතිව මෙරට ආර්ථිකය ස්ථාවර කළ නොහැකි බවද පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විදීමට සිදුවූ පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතැබීම වර්තමාන ක්‍රියාකාරීත්වය විය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘යුනයිටඩ් යුත් තරුණ එකමුතුව’ විසින් ‘තරුණ අපේ අනාගතය‘ යන මැයෙන් පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද සංවාදයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඉහත අදහස් දැක්වීම සිදුකර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත්, රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ දැයි රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles