Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

සමගි ජන සන්ධානය ළගදීම…

පුළුල් සන්ධානයක් දක්වා සමගි ජනබලවේගයේ දේශපාලන යාන්ත්‍රණය ව්‍යාප්ත කිරීමට එම පක්‍ෂය සැලසුම් කර තිබෙනවා. නුදුරේදීම සමගි ජන සන්ධානය සමාජගත කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවා.

සමගි ජනබලවේගයේ සංවිධාන ව්‍යුහය තවදුරටත් බලගැන්වීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද සිහිපත් කළ සේනසිංහ මහතා පෙන්වා දුන්නේ දිස්ත්‍රික් 11 ක් තුළ එම වැඩකටයුතු සිදුකර අවසන් බවයි. සෙසු දිස්ත්‍රික්කවල අදාළ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක බව ඔහු කියා සිටියා.

මත විමසුම් හා සමීක්‍ෂණ ප්‍රතිපලවලට අනුව ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ඇතැයිද සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles