Saturday, May 4, 2024

Top 5 This Week

Related Posts

මෛත්‍රීගෙන් CID ප්‍රශ්න කරද්දී තවත් ප්‍රබලයෙක් ඇමරිකානු තානාපති සමඟ රහස් සාකච්ඡාවක…

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. එමෙන්ම නිදහස් පක්‍ෂ නියෝජිතයින් විශාල පිරිසක් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති ජුලි වෑන්ග් මහත්මිය සමඟ සිදුකර ඇති විශේෂ රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කොළඹ හතේ පිහිටි තරු අවන්හලක් තුළ මෙම රහසිගත සාකච්ඡාව සිදුව ඇතැයිද දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද ඇතැම් වාර්තා අනාවරණ කර තිබුණා. පැයකට වැඩි කාලයක් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පළමුව තානාපතිනිය සහ සජිත් වාස් ගුණවර්ධන යන අය වෙන් වෙන් වශයෙන් පිටව ගොස් ඇති බවයි තතු දත් ආරංචි වාර්තා කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles