Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

එස්.බී.ගෙන් ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිපලයක් – සජිත් ඉදිරියෙන්ලු…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එස්.බී. දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය මේ වන විට ඉදිරියෙන්ම සිටින බවයි. එමෙන්ම පොදුජන පෙරමුණේ ඡන්ද පදනමද යම් තරමකින් ඉහළ යමින් ඇති බවද ඔහු පෙන්වාදී තිබෙනවා.

25%ක පමණ ප්‍රතිශතයක් ලබා සිටි ජාතික ජනබලවේගය පිළිබඳ ජනතා විශ්වාසය මේ වන විට පහළ බසිමින් ඇතැයිද ඔහු පෙන්වාදී ඇති කාරණයයි.

සමගි ජනබලවේගය වෙත හිමිවී ඇති ජනතා කැමැත්ත 39 % ක් බව එස්.බී.දිසානායක මහතා පෙන්වාදී තිබෙනවා. එමෙන්ම ජාතික ජනබලවේගය වෙත මේ වන විට හිමි වී ඇති ජනප්‍රසාධය 25% සිට 20% දක්වා පහත බැස ඇතැයිද පොදුජන පෙරමුණ වෙත හිමී වී ඇති ජනප්‍රසාධය 9 % ක් පමණ වන බවද එස්.බී.දිසානායක මහතා පෙන්වාදී ඇති කාරණයයි.

ඔහුගේ සමීක්‍ෂණයට අනුව ශ්‍රී ලනිපයට හිමිවී ඇත්තේ 5% ක ජනතා කැමැත්තකි. එමෙන්ම 24% ක් මේ දක්වා ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙන්නේ කාටද යන්න තීරණය කර නැතැයිද එය විශේෂ කාරණයක් බව ද එස්.බී.දිසානායක මහතා පෙන්වාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles