Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

පියා වෙනුවෙන් පෙරට පැමිණි දියණිය…

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය චමිත්‍රි රඹුක්වැල්ල අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙහෙළිය රඹුක්වැල්ල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල පැවැසුවේ, සිය පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles