Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

‘පෑඩ් මෑන්’ ලේබලය සජිත්ගෙන් උදුරා ගනියි…

සියළු පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා අප්‍රේල් මස සිට වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට මෙම වවුචරය හිමිවන බවයි.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක්. එක් සිසුවියක් වෙත ලබාදෙන වවුචර් පතක ව‍ටිනාකම රුපියල් 1200ක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළේ අපේක්‍ෂාවයි.

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ප්‍රබල කථිකාවක් මේ වන විට නිර්මාණය වී ඇති පසුබිමකයි රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. සනීපාරක්‍ෂක තුවා සදහා ඉහළ බදු පැනවීම සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා එල්ල වූ අතර, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රජයෙන් ප්‍රශ්න කළා. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියද පවසා තිබුණේ විපක්‍ෂ නායකවරයා මේ සඳහා මැදිහත් නොවුනේ නම්, රටේ අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාවක් ද නොලැබෙන බවයි. ඇය ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයා වෙත ස්තූතිය පුදකර තිබුණා.

එමෙන්ම විපක්‍ෂ නායකවරයා පවසා තිබුණේ 2019 ජනාධිපතිවරණයේදී තමන් කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරද්දී බොහෝ දෙනෙකු සිනාසෙමින් අවලාද නැගූ බවයි. කෙසේ වෙතත් මේ වන විට තමන් මතු කළ කාරණය රටේම අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයිද ඒ සඳහා මැදිහත්වීමට රජයට දැන් සිදුව තිබෙන බව ද ඔහු අවධාරණය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles