Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ධනංජයගේ ප්‍රකාශයකින් බංග්ලාදේශය සසල වෙයි…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි හෙට (30) ආරම්භ වීමට නියමිතයි. තරග 2කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා. ඒ පළමු ටෙස්ට් තරගය ලකුණු 328 න් ජයගැනීම හේතුවෙන්.

දෙවන ටෙස්ට් තරගය සඳහා ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීමට තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා ලබාදුන් පිළිතුරක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක්ද ඇති වී තිබෙනවා.

ප්‍රශ්නය — ශකීබ් තරගයට කැඳවීම ගැන මොකද හිතන්නේ?

ධනංජය ද සිල්වා – මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.

ප්‍රශ්නය — ඔයා දැන් ශකීබ් ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද ?

ධනංජය ද සිල්වා — මම මොකටද කියන්නේ ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනේ.

ප්‍රශ්නය — ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්.

ධනංජය ද සිල්වා — මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. ඔයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles