Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

දැවැන්ත සන්ධානයක් – මැති ඇමැතිවරුන්ගේ පිල්මාරුවක්…

අප්‍රේල් පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වමින් දැවැන්ත පෙරළියකට මුල පුරන බව බව සමගි ජන බලවේගය පවසනවා. එහි මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ එහිදී ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු ඇතුළු ප්‍රබලයින් පිරිසක්ද නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවයි.

දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු නව සන්ධානයට සහභාගී කර නොගන්නා බවද අවධාරණය කළ සේනසිංහ මහතා ප්‍රතිපත්ති ගරුක පිරිස් වෙත පමණක් මෙම අවස්ථාව ලබාදෙන බවද කියා සිටියා.

පාවෙන ඡන්ද තම පක්ෂයට හරවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඉදිරි මැයි දිනයේදී ඉතිහාසයේ විශාලම ජන සහභාගීත්වය සහිත මැයි දින සැමරුමක් වෙනුවෙන් ද කටයුතු සංවිධාන කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles