Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ජනාධිපතිවරණයට අවශ්‍ය මූලික කටයුතු ඇරඹෙයි – මැතිවරණ කොමිෂම කියයි…

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කළ බව මැතිවරණ කොමිසම පවසනවා. මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යවස්ථානුකූලව නියමවී ඇති ක්‍රියාවලියයි. මැතිවරණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ
ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති බවයි. අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමටත්, අවශ්‍යකරන ලිපිද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles