Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

විජේදාසත් ජනාධිපතිවරණයට…

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින ලෙස ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සවසනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මහනාහිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයන් ද මෙම ඉල්ලීම දිගින් දිගටම සිදුකරමින් සිටින බවද එබැවින් ඒ පිළිබඳ සලකා බැලීමට සිදුවන බවද ඔහු අවධාරණය කළා.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පවසන ඇමැතිවරයා, ඒ සඳහා සුදුසු තීන්දුවක් අවසාන වශයෙන් ගැනීමට සූදානමින් සිටින බවද පැවැසුවා.

අස්ගිරි හා මල්වල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles