Sunday, May 5, 2024

Top 5 This Week

Related Posts

ප්‍රබලයෙකුගේ පිල්මාරුවක් – රනිල්ට සහය…

ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්‍ෂයෙන් හෝ එම පක්‍ෂය ප්‍රමුඛව ගොඩ නැගෙන සන්ධානයකින් ඉදිරිපත් වීමටද ඔහු තීරණය කර ඇති බවයි දේශපාලන වාර්තා පවසන්නේ. දැනටද පාර්ලිමේන්තුවේ කටයුතු ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන්ට, ජනතාවාදී ලෙස තීන්දු ගැනීමට බාධාවක් නැතැයිද ඔහු අවධාරණය කර තිබෙනවා.

‘මම පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන මන්ත්‍රිවරයෙක්. මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේදී රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. දැන් රට පුරා ගිහිල්ලා ජනතාව එකතු කරගෙන රැස්වීම් පවත්වන ඔය කවුරුවත් එදා රට භාරගන්න කැමැති වුණේ නෑ. යනුවෙන් ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles