More

    ගොවියාගේ ආරක්ෂාව සහතිකයි

    Must read

    කිසිසේත් ගොවීන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රධානම අරමුණ වනුයේ ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව උදා කරදීම යි.

    ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා වන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නේ. රසායනික පොහොරවලින් ඉවත් ව කාබනික පොහොර භාවිතයට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිසි විද්‍යානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    කාබනික පොහොර භාවිතා කිරීමෙන් යම් හෙයකින් ගොවියාගේ අස්වැන්න අඩු වුණොත් ඒ සදහා වන මුල්‍යමය පාඩුව ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනවා.

    වී සදහා සාධාරණ මිල ලබාදීමට සහතික වන අතර, පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් ලබා දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙළ ආණ්ඩුවක් විදියට මේ මොහොතේ ක්‍රියාත්මක කරනවා.

    මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ යම් යම් ගැටලු හා අදහස් ඇති. ඔවුන් ව්‍යාපාර කරගෙන යා යුතුයි.  නමුත් ඊට වඩා අද මේ තත්ත්වය මත අපි ප්‍රමුඛ ව කළ යුතු කාර්යය සහ ආණ්ඩුවේ වගකීම වනුයේ ගොවියාගෙන් සාධාරණ මිලකට වී මිලදී ගෙන පාරිභෝගියාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් කියන කාරණය යි.

    අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව